හමාස් සටන් විරාමයකට එකඟවෙයි

හමාස් සටන් විරාමයකට එකඟවෙයි

May 6, 2024   10:47 pm

ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයෙන් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව පිළිගත් බව හමාස් සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ.

එම සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

හමාස් නායක ඉස්මයිල් හනියේ, මෙම යෝජනාව පිළිගත් බවට කටාර් අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා වෙත දැනුම්දී ඇති බවද එම වාර්තා සඳහන් කරයි.