විරෝධය...

විරෝධය...

April 26, 2024   04:35 pm

වන අලි ඝාතන ඉහළ යාමට එරෙහිව ජාතික පරිසර එකමුතුව වනජීවී අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබේ.

ලොව වැඩිම වන අලි ඝාතනය වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පෙන්වා දෙන විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෛනිකව වැඩි වන අලි ඝාතන ඉහළ යාම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවය.

මෙම තත්ත්වය තුළ අලි මිනිස් ගැටුමට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස හා අලි ඇතුන් ඝාතනය කරන පුද්ගලයින් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස  ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මෙම තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වු වනජීවී අධ්‍යක්ෂකවරයා සහ වනජීවී අමාත්‍යවරයා වහාම තනතුරුවලින් ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරන බව විරෝධතාවයේ නිරත ජාතික පරිසර එකමුතුව වැඩිදුරටත් පෙන්වා දෙයි.