දැදුරු ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවෙයි - තවත් සිසුන් ‍2ක් මුහුදට බිලි

දැදුරු ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවෙයි - තවත් සිසුන් ‍2ක් මුහුදට බිලි

February 12, 2015   10:01 am



දැදුරු ඔය ජලාශයට පැන්න බවට සැක කෙරුණු පාසල් සිසුවාත් සිසුවියගේත් සිරුරු සොයා පොලීසිය හා හමුදාව ඊයේ පස්වරුවේ සිට ආරම්භ කළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස පාසල් සිසුවාගේ සිරුර සොයාගෙන තිබේ.

අද පෙරවරුවේ එම සිරුර සොයාගෙන ඇති අතර සිසුවියගේ සිරුර සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවන බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

ජලාශයට පැන්න දෙදෙනාම පාසල් දෙකක අධ්‍යාපනය ලබන 15  හැවිරිදි සිසුන් බව පැවසිණ.

මේ අතර දික්වැල්ල, නිල්වැල්ල මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිළී මියගොස් තිබේ.

මුහුදේ දියනාමින් සිටි   පාසැල් සිසුන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ මුහුදේ  ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිළුණු සිසුන් බේරාගෙන ප්‍රතිකාර සඳහා දික්වැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ වයස අවුරුදු 17ක සිසුන් දෙදෙනෙකු මෙලෙස මියගොස්  ඇති බවයි.

ඔවුන් දික්වැල්ල,  ගොඩැල්ලහේනවත්ත සහ ඉඟුරුතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.