සිසුවාත් සිසුවියත් සොයා දැදුරු ඔය පීරයි

සිසුවාත් සිසුවියත් සොයා දැදුරු ඔය පීරයි

February 11, 2015   04:55 pm


පාසල් දෙකක 11 වසරේ ‍ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙකු හා සිසුවියක අද දහවල් දැදුරුඔය ජලාශයට පැන ඇති බවට ලද තොරතුරක් මත ඔවුන් සොයා මේවන විට පොලීසිය හා ජනතාව මෙහෙයුමක් ආරම්භ  කර තිබේ.

අද දහවල් 119 දුරකථන අංකයට ලද ඇමතුමක් මත වාරියපොළ පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

දැදුරු ඔය ජලාශයේ ඉවුරේ තිබී දෙදෙනාගේම පොත් බෑග් හමුවී ඇති අතර පිරිමි ළමයාගේ කමීසය ද එහි තිබී සොයාගෙන තිබේ.

පොත්පත් වල සඳහන් තොරතුරු මත මෙම ළමුන් දෙදෙනා කුඹුක්ගැටේ හා කුලියාපිටියේ පාසල් දෙකක 11 වසරේ ඉගෙනුම ලබන බව හෙළි වී ඇති අතර විදුහල්පතිවරුන් මාර්ගයෙන් දෙදෙනාගේම මව්පියන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ළමුන් දෙන්නා ජලාශයට පැන්නාද, වැටුණාද, එසේත් නැති නම් වෙනත් තැනකට ගියාද යන ගැටලුව ද පොලීසියට පැන නැඟී තිබේ.

සිද්ධිය ඇසින් දුටුවෙකු නැති බැවින් ඔවුන් ජලාශයට පැන ඇතිදැයි සෙවීමට නාවික හමුදාවේ සහය ඉල්ලා ඇතැයි ද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.