අනියම් පෙම් සුව විඳ සභාපති මැරුවැයි ඇල්ලු උ.ප.ස. විපක්ෂනායක පක්ෂයෙන් ඉවතට!

අනියම් පෙම් සුව විඳ සභාපති මැරුවැයි ඇල්ලු උ.ප.ස. විපක්ෂනායක පක්ෂයෙන් ඉවතට!

December 6, 2013   12:19 pm

අනියම් පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස ඩෙල්ෆ් සභාපති 44 හැවිරිදි ඩැනියෙල් රෙක්සියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් උතුරු පළාත් සභාවේ විපක්ෂනායක කන්දසාමී කමලේන්ද්‍රන් ඊ.පී.ඩී.පී. පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.

ඩෙල්ෆ් සභාපතිවරයාගේ ඝාතනයට හේතුව ඔහුගේ බිරිඳ එම ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන කන්දසාමි කමලේන්ද්‍රන් සමග පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධය බව රහස් පොලීසිය විසින් පසුගියදා සොයාගෙන තිබුණි.

හිසේ තුවාලයක්ද සහිතව සභාපතිවරයා පුංකුඩුතිවු දුපතේ පිහිටි ඔහුට අයත් නිවසේ 2013.11.26 දින මියගොස් තිබු අතර එම ඝාතනය ගැන සැකපිට කන්දසාමි කමලේන්ද්‍රන් ඩෙල්ෆ් සභාපතිගේ බිරිය හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණ.

ඒ අනූව උතුරු පළාත් සභාවේ විපක්ෂනායක කමලේන්ද්‍රන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිට වූ බව ඊ.පී.ඩී.පී. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස් තවරාසා මහතා පැවසිය.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවේ.