ඩෙල්ෆ් සභාපතිගේ ඝාතනය ගැන සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

ඩෙල්ෆ් සභාපතිගේ ඝාතනය ගැන සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

November 28, 2013   08:21 am

ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් ‍රෝහණ මහතා සඳහන් කළේ සභාපතිවරයා ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කර තිබූ බවයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්ති වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

ඩෙල්ෆ් ප්‍රා දේශීය සභාවේ සභාපතිවරයා ඊ.පි.ඩි.පි පක්ෂයේ සාමාජිකයෙකු බවද වාර්තා වෙයි.

කයිට්ස් පොලිසියේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අජිත් ‍රෝහණ මහතා සඳහන් කළේය.