කෙන්යාවේ ඛේදවාචකයක්
සයුරෙන් එතෙර

කෙන්යාවේ ඛේදවාචකයක්

April 29, 2024   04:31 pm

අධික වර්ෂාව නිසා ඇතිවූ ගං වතුර හේතුවෙන් කෙන්යාවේ වේල්ලක් කැඩී යාමෙන් 40 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වෙයි.

බටහිර කෙන්යාවේ කමුචිරි ගම්මානය ආසන්නයේ තිබූ වේල්ලක් ඒ හේතුවෙන් කැඩී ගොස් තිබූ අතර එහිදී නිවාස විශාල ගණනක් විනාශ වී තිබුණි.

මියගොස් ඇති ගණන තවත් ඉහළ යා හැකි බව බලෂරීන් පවසයි.

පසුගිය මාසයේදී කෙන්යාවේ ඇතිවූ හදිසි ගං වතුර හේතුවෙන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.