STF වෙඩි හුවමාරුවෙන් අපරාධකරුවෙක් ජීවිතක්ෂයට

STF වෙඩි හුවමාරුවෙන් අපරාධකරුවෙක් ජීවිතක්ෂයට

March 21, 2024   07:07 am

ගණේමුල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

එම අවස්ථාවේ සැකකරු විසින් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

එහිදී සැකකරු සහ විශේෂ කාර්යය බළකා නිලධාරියෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී සැකකරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පසුගිය 09 වන දින ජා-ඇළ, දඬුගම බස්වත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බව වාර්තා වේ.

සැකකරු 28 හැවිරිදි ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු හමුදා සේවයෙන් පළා ආ අයෙකු බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.