ජනපති මන්නාරම රදගුරු හමු වෙති

ජනපති මන්නාරම රදගුරු හමු වෙති

June 16, 2024   06:11 pm

ජනපති සහ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමියන් අතර අද (16) හමුවක් සිදු කෙරුණි.

ඒ, මන්නාරම රදගුරු නිල නිවසේදීය. 

එහිදී ආර්ථික අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුවී තිබේ. 

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ජනාධිපතිවරයා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී රදගුරු හිමියන් අගය කර තිබූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

එමෙන්ම මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධන කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට සිදුකර අවසන් බවත් සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරයි.