රටින් පනින්න ගිය තරුණිය හසුවෙයි

රටින් පනින්න ගිය තරුණිය හසුවෙයි

June 16, 2024   07:25 pm

ව්‍යාජ ගමන් බලපත්‍රයක් හරහා එක්සත් රාජධානිය වෙත පළා යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි.

ඇයට මෙම ගුවන් ගමන සඳහා සහාය වෙමින් සිටි තැරැව්කරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පවසයි.

අදාළ සැකකාරිය සියලුම නිශ්කාසන කටයුතු නිමා කර විගමන කටයුතු සඳහා විගමන සේවා කවුළුව වෙත පැමිණ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම ගමන් බලපත්‍රයේ ඇති ජායාරූපය ඇයගේ නොවන බව නිරීක්ෂණය වීම නිසා ඇය ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබුණි.

පසුව සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී වෙනත් කාන්තාවකගේ ගමන් බලපත්‍රයකට මෙම තරුණියගේ තොරතුරු ඇතුළත් කර ව්‍යාජ ලෙස මෙම ගුවන්ගමන් බලපත්‍රය සකස් කර ඇති බව හෙළිවී ඇත.

මොවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබේ.