චීනයට අධික වැසි

චීනයට අධික වැසි

June 16, 2024   05:57 pm

දකුණු චීනයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි හේතුවෙන් ජල ගැලීම් ආපදා රැසක් වාර්තා වෙයි.

එරට කාලගුණ අංශ පුරෝකථනය කරන්නේ ඉදිරි දිනවලත් අධික වැසි වාර්තාවිය හැකි බවය.

චීනයේ දකුණු සහ නිරතදිග පෙදෙස්වලින් මෙලෙස දින කිහිපයක සිට අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් වාර්තා වී තිබේ.
  
ප්‍රදේශයේ ගංගා පිටාර මට්ටමට ළඟා වෙමින් පවතින පසුබිමක වැසි තත්ත්වය ඉදිරි දිනවලත් පවතිනු ඇතැයි එරට කාලගුණ බලධාරීන් පවසයි.

දැනටමත් දකුණු දිග චීනයේ ඇතැම් පෙදෙස් ජලයෙන් යටවී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජලගැලීම් ඇතුළු කාලගුණය ආශ්‍රිත අනතුරුවලින් චීනයේ ෆුජියැන් සහ ගුඇන්ෂී නගරවලට වැඩි බලපෑම් එල්ල වී තිබේ.

එමෙන්ම ජලගැලීම් හේතුවෙන් එම කලාපයෙන් එක් පුද්ගල මරණයක්ද වාර්තා වී ඇතැයි සඳහන් ය.

ආපදාවට ලක්වී සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් මුදා ගැනීමේ සේවකයින් පියවර ගෙන ඇත.

දකුණු චීනයේ පළාත් රැසකටම ජල ගැලීම් සම්බන්ධයෙන් සිව්වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.