හමාස් ලොක්කෙක් මරුට

හමාස් ලොක්කෙක් මරුට

December 4, 2023   05:04 pm

ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායල ජනපද වලට ප්‍රහාර එල්ල කිරීමට මූලිකත්වය ගත් හමාස් නායකයෙක්ව විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය පවසයි.

ඊයේ එල්ලකළ ගුවන් ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ "Shati Battalion" හි අණ දෙන නිලධාරියාව ඝාතනය වී ඇති බවයි.

Haitham Khuwajari ඔක්තෝබර් 07 ප්‍රහාරයේ මූලිකයෙක් බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය පැවසීය. 

මේ අතර ඊශ්‍රායල "ෂින්බෙත්" ආරක්ෂක ප්‍රධානියා පැවසුවේ හමාස් නායකයින් ලොව කොහේ සිටියත් ඔවුන් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු බවයි.