කුඩාවැල්ල වරායේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

කුඩාවැල්ල වරායේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

January 19, 2019   06:30 pm

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

බෙලිඅත්ත, නාකුළුගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් මස 25 වන දින කුඩාවැල්ල ධීවර වරායේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 08 දෙනෙකු තුවාල ලැබුවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ කණ්ඩායම් 10 ක් පරීක්ෂණ සිදු කළේය.