ඉන්දියාවට කඩුලු 6ක ජයක්

ඉන්දියාවට කඩුලු 6ක ජයක්

September 22, 2025   12:07 am

පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වු ලකුණු 172ක ඉලක්කය තරගයේ 19(18.5) වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් විය.

ඉන්දීය ජග්‍රහණයේ නියමුවන් වූ අභිෂේක් ශර්මා පන්දු 39කින් ලකුණු 74ක් හා ශුබ්මන් ගිල් පන්දු 28කින් ලකුණු 47ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් ගොඩනැගූ අතර, ඒ වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 59කට පමණි.

පාකිස්තානය වෙනුවෙන් හාරිස් රවුෆ් (2/26), ෆහීම් අෂ්රෆ් (1/31) කඩුලු දවාළූහ.