ප්‍රබල රටවල් 3ක් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනියි
September 21, 2025 07:49 pm
එක්සත් රාජධානිය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන ඇත.
එම පියවර ගත් පළමු G7 රට ලෙස කැනඩාව ප්‍රමුඛස්ථානයේ පසුවන අතර, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ද ඉන්පසුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේවෙතත් ඊශ්‍රායල සහ අමෙරිකාව මෙම තීරණයට සිය අප්‍රසාදය පල කර තිබේ.