නීති විරෝධීව ගෙනා බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට
September 21, 2025 08:20 pm
සිලාවතුර, පන්ඩරවේලි වෙරළ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,197ක පමණ තොගයක්, සබන් කැට 1,765ක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු සිය භාරයට ගෙන තිබේ.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර පන්ඩරවේලි වෙරළ ප්‍රදේශයේ 18 වනදා උදෑසන සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇත.
එහිදි, එම ඩිංගි යාත්‍රාව තුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල, බීඩි කොළ කිලෝ ග්‍රෑම් 485ක් පමණ තොගයක් සහ සබන් කැට 706ක් සමඟ සැකකරුවෙකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
එමෙන්ම, ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි කිරීමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ තවත් බීඩි කොළ කිලෝ ග්‍රෑම් 712ක් සහ සබන් කැට 1,059ක් එහිදී නාවික හමුදා භාරයට ගෙත ඇත.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඩිංගි යාත්‍රාව, බීඩි කොළ තොගය සහ සබන් කැට ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කර තිබේ.