අමෙරිකාව රිදවන තීරණයක් ගන්න බ්‍රිතාන්‍ය සැරසෙයි

අමෙරිකාව රිදවන තීරණයක් ගන්න බ්‍රිතාන්‍ය සැරසෙයි

September 21, 2025   06:26 pm

පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට වන නිල ප්‍රකාශයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් විසින් අද (21) නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා G7 කණ්ඩායමේ පළමු සාමාජික රට බවට බ්‍රිතාන්‍ය පත්වනු ඇත.

බ්‍රිතාන්‍යට අමතරව ප්‍රංශය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් මෙම සතියේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල රැස්වීම අතරතුර එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් ඊශ්‍රායල සහ අමෙරිකාව මෙම තීරණයට සිය අප්‍රසාදය පල කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර අගමැති ස්ටාමර් සමග පැවැත් වූ සාකච්ඡාවේදී ද මේ පිළිබඳව සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.