මත්ද්‍රව්‍ය භාවිතාකරන රියදුරන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් නව නියෝගයක්
September 21, 2025 06:20 pm
විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රථ වාහන ධාවනය කරන රියදුරන් පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් ක්‍රියාකළ යුතු ආකාර සම්බන්ධයෙන් ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නව නියෝගයක් නිකුත් කර තිබේ.
සැප්තැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් වාහන පනතේ 151 වන වගන්තියට අනුව මෙම නව නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
කිසියම් රියදුරෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියෙකු විසින් සාධාරණව සැකකරනු ලබන අවස්ථාවකදී රියදුරා සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිලිබඳව මෙම නියෝගයෙන් පැහැදිලි කර තිබේ.
ඒ අනුව රියදුරෙකුගේ සමේ යම් අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක්, අස්වාභාවික හැසිරීමක්, රියදුරුගේ කථාව, ක්‍රියාව, චලනය, සමබරතාවය සහ ඇස්වල පෙනුම අනුව මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට සාධාරණ සැකයක් හටගත් විට අදාල රියදුරු පරික්ෂාව සඳහා යොමු කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාව පවතින බව ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පෙන්වා දෙයි.
එහිදි මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට හඳුනාගනු ලබන රියදුරෙකු ඛේට පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට පොලිස් නිලධාරියාට බලය හිමිවන අතර ඒ සඳහා අනුමත කරන ලද උපකරණ පොලිස් නිළධාරීන් වෙත ලබා දීමට නියමිතව තිබේ.
එම පරීක්ෂා කිරීම පොලිස් ස්ථානයකදී හෝ වෙනත් යම් පහසු ස්ථානයකදී සිදුකළ යුතු අතර එය මහජනතාවට නොපෙනෙන සේ සිදුකළ යුතු බව අදාළ නියෝගයේ සඳහන් වේ.
යම් හෙයකින් රියදුරෙකු ඛේට සාම්පල ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් එම රියදුරා රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු වෙත පරික්ෂණ සඳහා හැකි ඉක්මනින් ඉදිරිපත් කළයුතු බව ද එහි සඳහන් වේ.
ඛේට පරීක්ෂණයෙන් පසුව රියදුරු යම් මත්ද්‍රව්‍යක් හෝ මත්ද්‍රව්‍ය මිශ්‍රණයක් භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියා සෑහීමකට පත්වන අවස්ථාවකදී එම රියදුරු හැකිතාක් ඉක්මනින් රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ රජයේ රෝහලක බලයලත් නිලධාරියෙකු වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වේ.
ඒ අනුව අදාළ රියදුරු විසින් එම වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම මත රුධිර, මුත්‍ර, ඛේට හෝ වෙනත් ශාරිරික ශ්‍රාවයන් වන සාම්පලයක් ඉදිරිපත් කළ යුතු බව එම නියෝගයේ සඳහන් වේ.
අදාළ සාම්පල පිලිබඳ රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන අවසන් වාර්තාවට අනුව රියදුරු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වන්නේ නම් ඒ සඳහා නිතීමය පියවර ගැනීමේ බලය පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ ඔහු විසින් බලය ලබා දෙන පොලිස් නිලධාරියාට හිමිවන බව ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිකුත් කළ නව නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.