චාලි කර්ක්ට වෙඩිතැබීමට සැකකරන  පුද්ගලයාගේ ඡායාරූප පෙළක් මුදාහැරේ
සයුරෙන් එතෙර

චාලි කර්ක්ට වෙඩිතැබීමට සැකකරන පුද්ගලයාගේ ඡායාරූප පෙළක් මුදාහැරේ

September 11, 2025   10:22 pm

සාහසික වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වූ චාලි කර්ක්ට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ' ඡායාරූප පෙළක් FBI විසින් මේ වනවිට මුදාහැර තිබේ.

මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන අධි බලැති රයිෆලයක් එරට පොලීසිය විසින් මේ වනවිට සොයාගෙන ඇති වුවත්, ඝාතකයා පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇත.

31 හැවිරිදි චාලි කර්ක්, යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් සඳහා එක්ව සිටියදී ඔහුගේ ගෙල ආසන්නයට මෙම සාහසික වෙඩි ප්‍රහාරය එල්ල විය.

මෙම වෙඩිතැබීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනුණත්, පසුව ඔවුන් මුදාහැර තිබුණි.