මහ කන්නයේ සියලුම බඩඉරිඟු ගොවීන් ලියාපදිංචිය ඇරඹෙයි
September 13, 2025 06:35 pm
2025/26 මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් හට ලියාපදිංචි වීම සඳහා මේ වන විට පහසුකම් සලසා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සඳහා www.agrarian.lk www.agrariandept.gov.lk වෙබ් අඩවි තුළ අදාළ පහසුකම් සලසා දී ඇති බවය.
මෙම පද්ධතිය තුළ බඩඉරිඟු වගා කරන සියලුම ගොවීන් ලියාපදිංචි විය යුතු බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ සියලු ගොවීන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙන්ම ලියාපදිංචි වීම සම්බන්ධයෙන් වූ උපදෙස් ද මේ වන විට නිකුත් කර ඇති බවය.
ඒ සඳහා ලියාපදිංචි වීම් සම්බන්ධයෙන් උපදෙස් මාලාව පහතින්,
මහ කන්නයේ සියලුම බඩඉරිඟු ගොවීන් ලියාපදිංචිය ඇරඹෙයි by poornima