ට්‍රම්ප්ගේ තීරු බද්දට එරෙහිව විරෝධතාවක්
September 13, 2025 05:37 pm
අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය විරෝධතාවක නිරත වී තිබේ.
අද (13) පස්වරුවේ කටුනායක නිදහස් වෙළද කලාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්වුන බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
අමෙරිකාව විසින් තීරුබදු ඉහළ නැංවීමේ තීරණය හේතුවෙන් ඇගලුම් සේවකයින්ට වසර ගණනාවක සිට හිමි වූ වරප්‍රසාද කප්පාදු කිරීමට ආයතන පරිපාලනය පියවර ගෙන ඇති බව විරෝධතාවයේ නිරත පිරිස් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ තීරුබදු ඉහළ යෑමත් සමග සේවකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කළ ද මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.