සයුරෙන් එතෙර

ගෝලීය සංවර්ධනයේදී ඉන්දු - චීන සබඳතා තීරණාත්මකයි

September 9, 2025   08:49 pm

අමෙරිකාව තීරුබදු වෙළෙඳ ආයුධයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කර තිබේ.

ඉන්දියාවේ චීන තානාපති විසින් අමෙරිකාවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් මෙලෙස අදහස් පළ කර ඇත.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ අමෙරිකාව ඉන්දියාවට පැනවූ සියයට 50ක තීරුබදු අසාධාරණ බවය.

චීනය එයට දැඩි ලෙස විරුද්ධ බවද ඉන්දියාවේ චීන තානාපති පෙන්වා දී තිබේ.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සැමරීම සඳහා පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

ගෝලීය සංවර්ධනය සඳහා ඉන්දීය - චීන සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කර තිබේ.