සයුරෙන් එතෙර
කරච්චි නගරයටත් ගංවතුර
August 20, 2025 09:39 pm
පාකිස්තානයට මේ දිනවල ඇඳහැලෙන ධාරානිපාත මෝසම් වර්ෂාව හේතුවෙන් එරට අගනුවර මෙන්ම ජනාකීර්ණම නගරය වන කරච්චි නුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත.
මේ හේතුවෙන් එහි පාසල් සහ රජයේ කාර්යාල වසා දැමීමට පවා පාකිස්තාන රජයට සිදුව තිබේ.
වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර, එම ප්‍රදේශයට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත.
මෙවර මෝසම් වැසි සමය සමස්ත පාකිස්තානයටම දැඩි විනාශයක් ඇතිකළේය.
ඉකුත් සිකුරාදා වයඹ දිග කඳුකරයට බලපෑ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 385 දක්වා ඉහළගිය අතර, තවත් නිශ්චිත සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව එරට බලධාරීන් සඳහන් කරයි.