ප්‍රංශයෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක්
සයුරෙන් එතෙර

ප්‍රංශයෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක්

February 11, 2025   04:37 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ප්‍රංශයට පැමිණ තිබේ.

ඉන්දීය-ප්‍රංශ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් අගමැති මෝදි පැරීසියට පැමිණ තිබුණි.

ප්‍රංශ ජනාධිපති සමග ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටත්, AI ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිවරයා ලෙසත්, ඉන්දියාවේ කොන්සල් කාර්යාලයක් විවෘත කිරීමටත් මෙහිදී සැලසුම් කර ඇත.

පෙබරවාරි 10 සිට 12 දක්වා ප්‍රංශයේ රැඳී සිටින මෝදි ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සමග ඉන්දීය-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා 2047 හොරයිසන් මාර්ග සිතියමේ ප්‍රගතිය ද සමාලෝචනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රංශ සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.