ස්වාධීන අභිචෝදක කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අහෝසි නොවේ - කැබිනට් ප්‍රකාශක

ස්වාධීන අභිචෝදක කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අහෝසි නොවේ - කැබිනට් ප්‍රකාශක

February 11, 2025   05:54 pm

ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමේදී නීතිපතිවරයා හෝ  නීතිපති දෙපාර්තුමේන්තුව අහෝසි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තුමේන්තුවට වඩා කාර්යක්ෂමව සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම ආයතනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

නීතිපතිවරයා, නීතිපති දෙපාර්තුමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයද එහිදී නියෝජනය වන බව නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් සඳහන් කළේය.