පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්

පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්

February 11, 2025   07:38 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

අද(11) පෙරවරුවේ මෙම සාකච්ජාව පවත්වා ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගර කාරිවසම් සහ ජාතික සංවිධායක පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් ව ඇත.

මේ සඳහා පොදුජන පෙරමුණේ  හිටපු මන්ත්‍රී කණ්ඩායම සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිට තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සගර කාරිවසම් මහතා,

"අද අපි විශේෂ සාකච්ඡාවත් තිබ්බා. මේ වන විට හෙළිදරව්වෙමින් පවතිනවා මේ සිදුවෙලා තියෙන්නේ මොනවද කියන කාරණය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල X ගිණුමේ සටහනක් පලකරලා තියෙනවා ලංකාව, බංග්ලාදේශය, යුකක්‍රේනය ඇතුළු රටවල් 9ක ආණ්ඩු පෙරළීම සඳහා US aids සංවිධානය හරහා අමෙරිකානු ඩොලර්  මිලියන 260ක ඉතා විශාල මුදලක් වියදම් කරලා කියන කාරණය. "

"ඒ කාලේ අපි දිගින් දිගටම කිව්වා මේ අරගල වලට ආණ්ඩු පෙරළන්න මේ සිදුවන සියලු කරුණු වලදී විදේශ බලපෑම් තියෙනවා විදේශ වලින් මුදල් එනවා කියලා. කිසි කෙනෙක් ඒක විශ්වාස කළේ නෑ. "