සයුරෙන් එතෙර
බංග්ලාදේශයේ ප්‍රකාශ ගැන ඉන්දියාව කනස්සල්ලෙන්
February 8, 2025 09:00 am
බංග්ලාදේශයේ අභ්‍යන්තර පාලන ගැටලු සඳහා ඉන්දියාව වගකිවයුතු බවට බංගලාදේශ බලධාරීන් දිගින් දිගටම සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ.
එම ප්‍රකාශ සඳහා සිය විරෝධය නිල වශයෙන් දැනුම්දීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ ඉන්දියාවේ බංග්ලාදේශ වැඩබලන මහකොමසාරිස්වරයාව ද කැඳවා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඉන්දියාව පෙන්වා දී ඇත්තේ මෙවැනි ප්‍රකාශ හරහා ඉන්දියාව සෘණාත්මක ලෙස නිරූපණය කිරීම පිළිබඳ කනගාටුවට කරුණක් බවය.
බංග්ලාදේශයේ අභ්‍යන්තර ගැටලු සඳහා ඉන්දීය රජය වගකිව යුතු බවට
සිදු කරන චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව බංග්ලාදේශයට දැඩි විරෝධයක් ද පළකර තිබේ.
එමෙන්ම ඉන්දියාව බංග්ලාදේශය සමග ධනාත්මක, සාධනීය සහ අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවක් අපේක්ෂා කරන බවත් පවසා තිබේ.
බලයෙන් පහ කළ අගමැතිනි ෂෙයික් හසීනා විසින් කරන ලද ප්‍රකාශයන් ඇයගේ තනි මතයන් බවත් ඉන්දියාවට ඒ සඳහා කිසිදු භූමිකාවක් නොමැති බවත් ඉන්දියාව පෙන්වා දෙයි.