
පක්ෂ නායකත්ව අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය කාරක සභාව රැස්වීම සඳහා පනවා තිබූ වාරණය දීර්ඝ කර තිබේ.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රසන්න සෝලංගාරච්චි මහතා විසින් ගොනු කළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී එම වාරණය ලබන 24 වන දින දක්වා දීර්ඝ කිරිමට කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම් බලය පැවරී ඇත්තේ පක්ෂ නායක වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් බව පෙත්සම්කරු පවසයි.
පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් කැඳවීම නීතිවිරෝධි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රසන්න සෝලංගාරච්චි මහතා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම ලබන 24 වනදා කැඳවීමට නියම කළ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ලඑදිනට පෙර විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරු ලෙස ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට නියෝග කර ඇති බව සඳහන්ය.


















































