
අද (11) පස්වරුවේ කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයකට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ තදාසන්න ප්රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
සංඝරාජ මාවත, ඛෙත්තාරාම හන්දිය, ආමර් බාබර් වීදිය, බත්තරමුල්ල, ඕල්කට් මාවත යනාදි ප්රදේශවලට ඇදහැළුණු තද වැසි හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇත.
පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇති බවය.
















































