header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හදවත් මොහොතකට නතරකළ නයෝමිචං ගේ වියෝව
හදවත් මොහොතකට නතරකළ නයෝමිචං ගේ වියෝව
Mobitel 1278

අද (11) උදෑසන සිට මෙරට සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ජපානයේ පදිංචිව සිටි ජනප්‍රිය ශ්‍රී ලාංකික Content Creator ආශා නයෝමි වීරවර්ධනගේ (නයෝමි චන්) අභාවයයි.

පළමු දරුවා ලැබීමට අපේක්ෂාවෙන් සිටි ඇය, දරු ප්‍රසූතියෙන් පසු ඇති වූ බව කියන සංකූලතා හේතුවෙන් ඊයේ (10) ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විය.

1993 ජුනි 12 වැනිදා උපත ලැබූ ඇය මියයන විට 33 හැවිරිදි වියේ පසුවූවාය.

ජපානයේ ජීවන රටාව, එරට ආහාර සංස්කෘතිය සහ සිය ජපන් ජාතික සැමියා සමඟ ගත කළ දෛනික ජීවිතයේ සුන්දර අවස්ථා වීඩියෝ මගින් බෙදාගනිමින් ඇය මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියාය.

යූටියුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් ඔස්සේ ඇය පළ කළ වීඩියෝ සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටි අතර, ජපානයේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා සොයා යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට ද ඇය තොරතුරු හා උපදෙස් ලබා දී තිබුණි.

ජපානයේ Soka විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ලිබරල් කලා පීඨයෙන් 2022 වසරේදී උපාධිය ලබාගත් ඇය, පසුව ජපානයේ Amazon ආයතනයේ ද සේවය කර තිබේ.

මියයෑමට දින කිහිපයකට පෙර ද ඇය සිය සැමියා සමඟ අලුත උපන් දරුවා වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ සූදානම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණි.

මේ අතර, ජපානයේ ජීවත් වන ඇයගේ නැගණිය වන අයේෂා වීරවර්ධන සිය ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ,

“රටක්, ලෝකයක් දන්න එයා මාව සදහටම මේ රටේ තට්ට තනියම තනිකරලා යන්නම ගියා. ඔයාලා වගේම මමත් කැමතියි මේක හීනයක් වෙනවා නම්. මම කැමතියි තව ටිකකින් කෝල් එකක් ඇවිත් ‘තමුසේ එනවා බබා හම්බුණා’ කියලා කියනවා නම්. මාත් කැමතියි ඒ ගැන දැනගන්න.

එයාට තියෙන ආදරයට ගොඩක් පින්. ඒවා එයා දැක්කා නම් එයා හරියට සතුටු වෙයි, එයාට ලංකාවේ ඉන්න මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා.

අනේ, මම කාරුණිකව ඉල්ලන්නේ, මට ඔයාලා දාන මැසේජ් සහ කෝල්වලට පිළිතුරු දෙන්න පුළුවන් මානසිකත්වයකින් නෙමෙයි මම ඉන්නේ. ඇත්තටම මම කැමතියි මගෙන් ඒ ගැන කවුරුත් අහන්නේ නැතුව ඉන්නවා නම්. දෙවියනේ, මගෙන් ඒ ගැන අහන්න එපා. මට ඒකට උත්තර දෙන්න බැහැ. අක්කා වෙනුවෙන් හැමදේටම මම හිටියට, අක්කාට මට පණ දෙන්න බැරි වුණා.

අක්කාගේ බබා දැන් වෙනත් රෝහලක ඉන්නේ. මේ වීඩියෝ එක කරන වෙලාවෙත් මම ෆෝන් එක ඕෆ් නොකර ඉන්නේ ප්‍රධානම වශයෙන් අක්කගේ අවසන් කටයුතු ගැන දැනගන්නයි, බබාට කොහොමද කියන එක දැනගන්නයි.

හීනයකින්වත් හිතුවේ නැහැ දෙවියනේ, හැමදේම හොඳින් කරගෙන යද්දී මෙහෙම දෙයක් වෙයි කියලා. අනේ මන්දා, හොරෙක් අරගෙන ගියා වගේ මගේ අක්කව. ඒ නිසා ඔයාලා එවපු හැම මැසේජ් එකකටම ස්තූතියි. ගොඩක් පින්. ඊයේ රෝහලටත් ගොඩක් කට්ටිය ආවා. ඒ හැමෝටම ගොඩක් පින්. බබාට කිරි දෙන්න මට කට්ටිය මැසේජ් කරලා තියෙනවා. ඒ නිසා ඒ දෙන හැම ආදරයකටම ගොඩක් පින්.

මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ, අක්කා නැතිවෙන්න හේතුව අක්කාගේ වෝටර් බෑග් එක යට වතුර ඉතුරු වෙලා, ඒක ඇලජික් එකක් වෙලා, ලේ පාලනය කරගන්න බැරුව අක්කාට සිහි නැති කරලා තමයි බබාව අරගෙන තිබුණේ. හිරි වට්ටලා නෙමෙයි. එහෙම කරලා එයාට සිහිය ගන්න බැරි වුණා. 11 ගණනේ ඉඳලා 7 ගණන වෙනකම් ඩොක්ටර්ස්ලා උත්සාහ කළා සිහිය ගන්න. පපුවට ගහලා උත්සාහ කළා සිහිය ගන්න. ඒත් හරි ගියේ නැහැ. බැරිම තැන අයියයි මායි කෑගැහුවා අක්කගේ කන් දෙක ළඟට වෙලා නැගිටින්න කියලා. ඇහිලාවත් නැගිටියි කියලා හිතුවා. දෙපාරක් නාඩි වැඩ කළා. ඒත් එයාට අල්ලගෙන ඉන්න බැරි වුණා දෙවියනේ.

දහසක් බලාපොරොත්තු තියාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ආපු බබාගේ බඩු හැමදේම දැක්කාම මට හිතාගන්න බැරි වුණා මම මොකක්ද කරන්න ඕනේ කියලා. දැනට එච්චරයි කියන්න පුළුවන්. මේ වෙලාවේ මට කියන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. පවුලක වගකීම එයා මට නොකියම භාරදීලා යන්නම ගියා.

ඔයාලා එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. මගේ හිත එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න ලෑස්ති නැහැ. එයාව කවුරුහරි හොරෙක් අරගෙන ගියා. එයා මැරුණේ නැහැ.”

MostRead
Mobitel 1278
VideoStories
ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි