
බල්ගේරියාවේ යැම්බෝල් ප්‍රදේශයේ හටගත් දැඩි මීදුම් සහිත තත්ත්වයක් හේතුවෙන්, ඒ අවට පිහිටි අධිවේගී මාර්ගයක රථවාහන එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
මංතීරු 6ක රථවාහන එකිනෙක ගැටි ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අගනුවර වන සෝෆියා සහ නැගෙනහිර බර්ගස් නගරය සම්බන්ධ කරන මෙම ප්‍රධාන අධිවේගී මාර්ගයේ දෙදිශාවටම වාහන විශාල ප්‍රමාණයක් එකිනෙක ගැටී ඇති අතර, ඉන් වාහන රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශයේ දැඩි මීදුම් තත්ත්වයක් පැවතී ඇති අතර, දෘශ්‍යතාව මීටර් 50කටත් වඩා අඩු මට්ටමක පැවති බව පැවසේ.
















































