
සංචාරක වීසා (Visit Visa) බලපත්‍ර මත විදේශගත වී රැකියා ලබා ගැනීමේ අරමුණින් විදේශගත වීමෙන් වැළකී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් වෙත දැඩි ලෙස දැනුම් දී සිටියි.
විශේෂයෙන්ම මැලේසියාව, ඩුබායි සහ ඕමානය ඇතුළු විදෙස් රටවල රැකියා ලබා දෙන බවට පවසමින් විවිධ පාර්ශ්වයන් විසින් ලබා දෙන පොරොන්දු මත සංචාරක වීසා මඟින් විදේශගත වන ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වන විට දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සංචාරක වීසා මත විදේශගත වීමෙන් මුහුණ දීමට සිදුවන බරපතළ අවදානම්
පොරොන්දු වූ රැකියාව හෝ වැටුප නොලැබීම - ලබා දෙන බවට පොරොන්දු වූ රැකියාව හෝ එකඟ වූ වැටුප නොලැබී යාම හෝ අඩු වැටුපකට වැඩ කිරීමට සිදුවීම.
ජාවාරම්වලට හසුවීම - විවිධ රැවටීම් සහ මිනිස් ජාවාරම්වලට ගොදුරු වීම.
නීතිමය ගැටලු - එරට නීති උල්ලංඝනය වීම හේතුවෙන් නීතිමය ගැටලු මතු වීම, අත්අඩංගුවට පත්වීම හෝ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තැබීමට ලක්වීම.
රටින් පිටුවහල් වීම - නීතිවිරෝධී ලෙස රැකියා කිරීම හේතුවෙන් රටින් පිටුවහල් කිරීමට යටත් වීම.
පුද්ගලික අලාභ හා පීඩන - ගමන් බලපත්‍රය අහිමි වීම, මුදල් අහිමි වීම මෙන්ම දැඩි මානසික පීඩනයකට ලක්වීම.
"සංචාරක වීසා එකෙන් ගිහින් පස්සේ වර්ක් වීසා එකට මාරු කරලා දෙන්නම්" හෝ "එ් රටට ගිහින් රැකියාවක් හොයාගන්න පුළුවන්" වැනි අසත්‍ය පොරොන්දුවලට කිසිදු ලෙසකින් නොරැවටෙන ලෙස බලධාරීහු ඉල්සා සිටිති.
ඔබේ ආරක්ෂාව සහ අනාගතය තහවුරු කරගැනීම සඳහා විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිසි පරිදි ලියාපදිංචි වී, නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය පමණක් අනුගමනය කරන්න.
නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ රැකියාවකට යොමුවීමෙන් ඔබේ ජීවිතය සහ අනාගතය සුරක්ෂිත කරගන්නා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
















































