
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් පැනවූ වාරණය ලබන මස 7 වැනිදා තෙක් යළි දීර්ඝ කර තිබේ.
එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රසංග සෝලංගාරච්චි මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් කොළඹ දිසාඅධිකරණය පසුගිය මස 15 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනූව පක්ෂ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවිය නොහැකි බව එම පෙත්සම මගින් ඔහු දක්වා තිබුණි.
එම නියෝගය අද දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ අතර අද යළිත් එම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසාඅධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා මෙම නඩුවේ වගඋත්තරකාර ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට එදිනට විරෝධතා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
එදින තෙක් වාරණ නියෝගය දිගු වන බවද විනිසුරුවරයා විසින් නියම කළ බව අප වාර්තාකරු කීවේය.

















































