
පින්නදූව, මාදොල, කටුපොල්වත්ත ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී ඊයේ (17) රාත්‍රී සොයාගත් 8 හැවිරිදි දැරිය අසල්වැසි පුද්ගලයෙකු විසින් ඇයට අතවර කිරීමෙන් පසු ගෙල සිරකර මරා දැමීමෙන් සිදුකළ එකක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය මේ සම්බන්ධයෙන් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
කුඩා නිවසක ජීවත්ව ඇති එම දැරියට තවත් අක්කා කෙනෙක්ද සිට ඇති අතර මෙම අපරාධය සිදුවන විට මවත්, පියාත් එම සහෝදරියත් නිවසේ නොසිට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව අප වාර්තාකරු කීවේය.
එකී පුද්ගලයා විසින් දැරියට අතවර කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර ඝාතනය කිරීමෙන් පසු සිරුර අසළ තේ ඉඩමකට ගෙනත් දමා තිබියදී පොලීසිය ඊයේ රාත්‍රී සොයාගන්නා ලදී.


















































