
ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන දහිෆාලේ නම් පවුලට වසර 200කට පසු පළමුවරට ගැහැණු දරුවෙකු ඉපදී තිබේ.
මෙම සිද්ධිය මේ වනවිට ඉන්දියාව තුළ මාතෘකාවක් බවට පත්ව ඇති අතර, එම පවුල දියණියක් බලාපොරොත්තුවෙන් පරම්පරා 5ක් පුරා බලා සිටි බව සඳහන්.
අලුත උපන් බිළිඳා ගාර්ගි ලෙස නම්කර ඇති අතර, ඇය සහ ඇගේ මව මල්වලින් සරසන ලද විශේෂ රථයකින් බෙර හඬ මධ්‍යයේ පෙරහැරකින් නිවසට රැගෙන ගොස් තිබේ.

















































