
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි.
එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් නියමිත පරිදි තෝරාගත් සමාගම ඉවත් කර තම හිතවත් අයෙකුට දී රුපියල් ලක්ෂ 74ක පාඩුවක් සිදු කිරීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

















































