
ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ කප්පල්තුරෙයි මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයකට අද (02) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.
එමෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ, වෙඩි තැබූ පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවය.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


















































