header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අස්වැසුම නව නම් ලැයිස්තුව - QR කේතයෙන් පහසුවෙන් නම පරීක්ෂා කරගන්න
අස්වැසුම නව නම් ලැයිස්තුව - QR කේතයෙන් පහසුවෙන් නම පරීක්ෂා කරගන්න
Mobitel 1278

අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම් ලැබූන්ගේ නම් ලේඛනය ප්‍රසිද්ධ කර ඇති අතර එම නම් ලැයිස්තුවේ ඔබේ නම පහසුවෙන් බලාගැනීම සඳහා QR කේත ක්‍රමයක් හඳුන්වා දී ඇත.

QR කේතය ස්කෑන් කරීමෙන් හෝ, නැතහොත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ www.wbb.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම එම ලැයිස්තුවේ තිබේද යන්න බලාගත හැකි වේ.

එමෙන්ම වැඩි විස්තර සඳහා 1924 අංකය අමතාද තොරතුරු ලබා ගත හැකි බව දැනුම් දී ඇත.

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබන සහ පවුල්/පුද්ගලයන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු, නව සුදුසුකම් ලැබූන්ගේ නම් ලේඛනය සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කර ඇති බව  නිවේදනය කරයි.

2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 11 වන වගන්තියට අනුව මෙම නම් ලේඛන ප්‍රසිද්ධ කර ඇති අතර, මේ වන විට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ඒවා ප්‍රදර්ශනය කර ඇත.

මෙම තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු සුදුසුකම් ලැබූන්ගේ නම් ලේඛනය අදියර දෙකක් යටතේ පළ කිරීමට නියමිත අතර, එහි දෙවන අදියරේ නම් ලේඛනය 2026 නොවැම්බර් මස නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

ප්‍රදර්ශනය කර ඇති නම් ලේඛනයට අනුව සුභසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා නොමැති හෝ නම් කර ඇති ප්‍රතිලාභ කාණ්ඩය පිළිබඳ සෑහීමකට පත් නොවන පවුල් හෝ තැනැත්තන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකිය. එසේම, නුසුදුසු පුද්ගලයන් නම් ලේඛනයට ඇතුළත්ව ඇත්නම් ඒ සඳහා විරෝධතා ගොනු කිරීමටද පොදු මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.

මාර්ගගත ක්‍රමය (Online) - www.eservices.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ප්‍රදේශයේ බලය ලත් සන්නිවේදන මධ්‍යස්ථාන හරහා.

අයදුම්පත් මඟින් -  www.wbb.gov.lk වෙබ් අඩවියෙන් අයදුම්පත් බාගත කරගැනීමට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ අස්වැසුම සංවර්ධන විෂය නිලධාරීන්ගෙන් අයදුම්පත් ලබාගෙන පුරවා, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධක තොරතුරු ඒකකයට භාර දිය යුතුය.

අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා මූලික අයදුම්පතට අමතරව A සහ B පෝරමද, මහජන විරෝධතා සඳහා මූලික අයදුම්පතට අමතරව C පෝරමයද සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

එක් අභියාචනාකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනාවක් පමණක් වන අතර, නිර්නාමිකවද මහජන විරෝධතා ගොනු කළ හැකිය.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට තැපැල් මාර්ගයෙන්, විද්‍යුත් තැපෑලෙන් (E-mail) හෝ වෙනත් ක්‍රම මඟින් භාරදෙන අභියාචනා සහ විරෝධතා භාරගනු නොලැබේ.

පද්ධතිගත කිරීමේදී සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, යම් හෙයකින් අංකය වෙනස් වී ඇත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එය යාවත්කාලීන කරගත යුතුය.

අභියාචනා සහ විරෝධතා භාරගැනීම 2026 නොවැම්බර් මස 11 වන දිනෙන් අවසන් වේ.

MostRead
Mobitel 1278
VideoStories
මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්