
ඝාතනය කර දමා ඇති බවට සැක කරන අවුරුදු 8ක දැරියකගේ මළ සිරුරක් අද (17) රාත්‍රී පින්නදූව, මාදොල, කටුපොල්වත්තේ තේවත්තක දමා තිබීයදී සොයාගෙන තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ දේමුනි පූජනි හසන්ති ලංකාතිලක නැමැති අංක 143, ජනබල ගම්මානයේ පදිංචි දැරියකි.
දැරියට අතවර කර මරා දැමුවේද යන්න පරීක්ෂණ සිදුකරන පොලීසියේ දැඩි අවධානය යොමුව ඇතැයි අප වාර්තාකරු කියයි.
අක්මීමන සුමංගල විද්‍යාලයේ තෙවන වසරේ ඇය ඉගෙනුම ලැබූ සිසුවියකි.
මෙම මරණය ගැන අක්මීමන පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

















































