
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන එන ලදී.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සිටය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත පැමිණියේය.
එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැණුනු අතර ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය වෙත රැගෙන ආවේය.


















































