
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (04) නියෝග කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08 ක් අල්ලස් ලබාගත් බවට සැකපිට මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
මේ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද (04) පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත පැමිණියේය.
එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු එහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.



















































