
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (29) සමත්විය.
ඒ, අවසන් මහා තරගයේදී පාකිස්තාන A කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජයට පත්කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස්කිරීමට සමත්විය.
එහිදී ෂාහ්සායිබ් ඛාන් ලකුණු 60ක් හා ෂමිල් හුසේන් ලකුණු 40ක් රැස්කර ගත්හ.
පන්දු යැවීමේදී රවිඳු ප්‍රනාන්දු ලකුණු 26කට කඩුලු 3ක් හා ගරුක සංකේත් ලකුණු 46කට කඩුලු 3ක් දවාගත්හ.
ජයග්‍රහණය සඳහා ලකුණු 217ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.3ක් තුළ කඩුලු 9ක් දැවී තරගයේ ජය වාර්තා කළේය.
එහිදී නිෂාන් මධූෂ්ක ලකුණු 87 සහ පවන් රත්නායක ලකුණු 30ක් රැස්කළහ. පන්දු යැවීමේදී අලි රාසා ලකුණු 58කට කඩුලු 03 බිඳහෙළුවේය.
මෙම තරගාවලිය කටාර් රාජ්‍යයේ දෝහිදී පැවැත්විණි.



















































