header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට
බෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට
Mobitel 1278

කැස්බෑව ප්‍රදේශයේදී දුෂ්මන්ත සඳරුවන් නමැති 30 හැවිරිදි විවාහකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණවී තිබේ.

ඒ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළෙකුද වන මංජු විසින් සිදු කළ අනාවරණයකිනි.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ, දුෂ්මන්ත සිය බිරිඳ සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමට උත්සාහ කරන බව තමන් දැන සිටි බැවින් මෙම ඝාතනය සිදු කළ බවය.

ඒ අනුව මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පදිංචි, වෘත්තියෙන් බෙර වාදන සහ නර්තන ශිල්පියෙකු වූ ඔහු ඉකුත් නොවැම්බර්  22වැනිදා පස්වරුවේ කැස්බෑව ප්‍රදේශයේ සිටින මංජු නමැති මිතුරෙකුගේ දැනුම්දීම මත කඨින පිංකමක බෙර වාදනය සඳහා සහභාගි වීමට යන බව බිරිඳට පවසා සිය යතුරු පැදියෙන් පිටවගොස් ඇත.

පසුදිනයෙත් සිය සැමියාගෙන් කිසිදු තොරතුරක් නොලැබීම මත ඔහුගේ බිරිඳ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉකුත් 23 වැනිදා පස්වරුවේ පැමිණිල්ලක් සිදු කළාය.

අනතුරුව කැස්බෑව ප්‍රදේශයට ගොස් මංජු නමැති සිය සැමියාගේ මිතුරා හමුවී සැමියා පිළිබඳ තොරතුරු විමසීමේදී ඔහු පවසා ඇත්තේ දුෂ්මන්ත එහි නොපැමිණි බවය.

ඒ අනුව ඉකුත් 26 වැනිදා ඇය කැස්බෑව පොලිසියට ද සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැමිණිලි සිදු කිරීමට පියවර ගත්තාය.

එම පැමිණිල්ලට අනුව මංජු නමැත්තා සහ තවත් පුද්ලයින් කිහිප දෙනෙකු කැස්බෑව පොලිස් ස්ථානය වෙත කැඳවා කටඋත්තර ලබාගෙන තිබුණ ද දුෂ්මන්ත පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමුව තිබුණේ නැත.

ඒ අතරතුර දුෂ්මන්තගේ බිරිඳට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ රුපියල් 120,000 ක මුදලක් ගිනුම්ගත කළහොත් දුෂ්මන්තව නිදහස් කරන බව පවසමිනි.

එවන් පසුබිමක, දුෂ්මන්ත අතුරුදන්ව දින 6ක් ගතවීමෙන් පසු ඊයේ (28) රාත්‍රියේ කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු පොලිස් ස්ථානයට පැමිණ තොරතුරක් ලබාදී තිබුණි.

එහිදී ඔත්තුකරු පවසා ඇත්තේ අතුරුදන්වූ දුෂ්මන්ත, මංජු නමැත්තා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවටය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර එහිදී දුෂ්මන්ත සිය යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට ගමන් කරන CCTV දර්ශන සොයාගැනුණි.

එහිදී පොලිසිය හිටපු යුද හමුදා සෙබළෙකුද වන මංජු නමැත්තා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත තවත් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන සැකකරු වන මංජු නමැත්තා අනාවරණ කර තිබුණේ, දුෂ්මන්ත සිය බිරිඳ සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමට උත්සාහ කරන බව තමන් දැනසිටි අතර සිය නිවසට පැමිණි දුෂ්මන්ත හෙරළියාවල ප්‍රෙද්ශයේ පිහිටි දේවාලයක් වෙත රැගෙන ගිය බවටය.

එහිදී මිතුරන් සිව්දෙනෙකු සමග එක්ව දුෂ්මන්ත දේවාලයේ පිටුපස කාමරයකට රැගෙන ගොස් පොලුමුගුරු වලින් පහරදී ඝාතනය කළ බවද ඔහු පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳ සිරුර බෑගයක් තුළ දමා ඝාතනය කළ ස්ථානයට මීටර 500ක් පමණ දුරින් වූ වගුරුබිමට ගෙන ගොස් වළදැමූ බවත්, යතුරු පැදිය සහ දුෂ්මන්තගේ ගමන් මල්ල සැඟවූ බවය.‍

අද (29) පස්වරුවේ ගොඩගැනුණු සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද පස්වරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

මේ අතර ඝාතනය සිදුකරන ආකාරය එක් සැකකරුවකු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පසුව මකාදමා ඇති අතර එම ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතා සඳහන් කළේ කප්පම් ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බවය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 හසලක බිහිසුණු බස් අනතුරෙන් පසු...“දඩාං ගෑවා...ත්‍රිවිල් එකේ ළමයා කුඹුරේ..පුතේ මම තාම වෙව්ලනවා...”

හසලක බිහිසුණු බස් අනතුරෙන් පසු...“දඩාං ගෑවා...ත්‍රිවිල් එකේ ළමයා කුඹුරේ..පුතේ මම තාම වෙව්ලනවා...”

හදවත් කම්පාකළ දුෂ්මන්ත ඝාතනයේ සුලමුල හෙළිවෙයි - අවසන් වරට ගිය ගමන CCTV කැමරාවේ | Ada Derana

හදවත් කම්පාකළ දුෂ්මන්ත ඝාතනයේ සුලමුල හෙළිවෙයි - අවසන් වරට ගිය ගමන CCTV කැමරාවේ | Ada Derana

මිරිස්සේ අයිස් පිරුණු මලු තොගයේ තොරතුරු රැසක් එළියට | Ada Derana

මිරිස්සේ අයිස් පිරුණු මලු තොගයේ තොරතුරු රැසක් එළියට | Ada Derana

බෙල්ලන්විල විහාරය වැඳපුදාගත් හිටපු ජනපති මහින්දව ආදරයෙන් වටකරගත් ජනතාව | Ada Derana

බෙල්ලන්විල විහාරය වැඳපුදාගත් හිටපු ජනපති මහින්දව ආදරයෙන් වටකරගත් ජනතාව | Ada Derana

වර්ජනයට එක්වෙන වෘත්තීය සමිති එක වේදිකාවකට - ''T20 තරගයකින් ඉවර කරන්න තිබුණ මැච් එක දැන් වන්ඩේ එකක්''

වර්ජනයට එක්වෙන වෘත්තීය සමිති එක වේදිකාවකට - ''T20 තරගයකින් ඉවර කරන්න තිබුණ මැච් එක දැන් වන්ඩේ එකක්''

පුවත් කෙටියෙන් - 2026.11.29 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.11.29 | Ada Derana

''එදා බෝඩ් අල්ලගෙන එළියට බැහැපු අය අද මැතිඇමතිවරු'' | Ada Derana

''එදා බෝඩ් අල්ලගෙන එළියට බැහැපු අය අද මැතිඇමතිවරු'' | Ada Derana

වනඅලි නිසා බැටකන මිනිසුන්ගේ දුක අහන්න ගමින් ගමට ගිය සජිත්ට හතර වටෙන් කියපු දුක් | Ada Derana

වනඅලි නිසා බැටකන මිනිසුන්ගේ දුක අහන්න ගමින් ගමට ගිය සජිත්ට හතර වටෙන් කියපු දුක් | Ada Derana

හෙට ෂෙඩ්වල කළු කොඩි එසවෙයි | ඇමති එක්ක සාකච්ඡාවෙන් පසු ඉදිරි තීරණය...

හෙට ෂෙඩ්වල කළු කොඩි එසවෙයි | ඇමති එක්ක සාකච්ඡාවෙන් පසු ඉදිරි තීරණය...

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී නිරාවරණය කරයි | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය