header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මිරිස්සෙන් හමුවූ රු. කෝටි 400ක අයිස් තොගය 'අඹගහවත්තේ සරත්'ගේ බවට සැකයක්
මිරිස්සෙන් හමුවූ රු. කෝටි 400ක අයිස් තොගය 'අඹගහවත්තේ සරත්'ගේ බවට සැකයක්
Mobitel 1278

මාතර, මිරිස්ස වෙරළ තීරයේදී ඊයේ (28) පස්වරුවේ සිදුකළ විශේෂ ඒකාබද්ධ වැටලීමකදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 346ක තොගය, 'අඹගහවත්තේ සරත්' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

එමෙන්ම, අදාළ මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒම 'දෙහිබාලේ' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් මිරිස්ස වෙරළ තීරයට ළඟා වන බවට නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ඊයේ (28) මෙම වැටලීම ක්‍රියාත්මක කළේය.

ගොඩබිමට පැමිණි යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගය වෑන් රථ දෙකකට පටවමින් සිටියදී ආරක්ෂක අංශ එම ස්ථානය වටලා ඇත.

එහිදී පලායාමට තැත් කළ මිරිස්ස සහ බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචි ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

වෑන් රථ දෙකෙහි රියදුරන් පළා ගොස් ඇති අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට පැමිණි 19 හැවිරිදි කාන්තාවක ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය, සිය විවාහක සැමියා බන්ධනාගාරගතව සිටියදී සමීප සම්බන්ධතාවක් පවත්වන පුද්ගලයෙකු හරහා මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් වෑන් රථ දෙකෙන් එක් රථයක මත්ද්‍රව්‍ය සැඟවීම සඳහා සකස් කළ රහසිගත කුටීර හමු වී ඇති බැවින්, එම රථය මීට පෙර ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට සැක කෙරේ.

වෑන් රථ දෙක තුළ තිබූ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු උර 16ක් සහ ඩිංගි යාත්‍රාවේ තිබූ තවත් උරයක් වශයෙන් උර 17ක් තුළ තිබී මෙම කිලෝග්‍රෑම් 346ක තොගය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අද (29) පස්වරුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට ද ලක් වූ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 හසලක බිහිසුණු බස් අනතුරෙන් පසු...“දඩාං ගෑවා...ත්‍රිවිල් එකේ ළමයා කුඹුරේ..පුතේ මම තාම වෙව්ලනවා...”

හසලක බිහිසුණු බස් අනතුරෙන් පසු...“දඩාං ගෑවා...ත්‍රිවිල් එකේ ළමයා කුඹුරේ..පුතේ මම තාම වෙව්ලනවා...”

හදවත් කම්පාකළ දුෂ්මන්ත ඝාතනයේ සුලමුල හෙළිවෙයි - අවසන් වරට ගිය ගමන CCTV කැමරාවේ | Ada Derana

හදවත් කම්පාකළ දුෂ්මන්ත ඝාතනයේ සුලමුල හෙළිවෙයි - අවසන් වරට ගිය ගමන CCTV කැමරාවේ | Ada Derana

මිරිස්සේ අයිස් පිරුණු මලු තොගයේ තොරතුරු රැසක් එළියට | Ada Derana

මිරිස්සේ අයිස් පිරුණු මලු තොගයේ තොරතුරු රැසක් එළියට | Ada Derana

බෙල්ලන්විල විහාරය වැඳපුදාගත් හිටපු ජනපති මහින්දව ආදරයෙන් වටකරගත් ජනතාව | Ada Derana

බෙල්ලන්විල විහාරය වැඳපුදාගත් හිටපු ජනපති මහින්දව ආදරයෙන් වටකරගත් ජනතාව | Ada Derana

වර්ජනයට එක්වෙන වෘත්තීය සමිති එක වේදිකාවකට - ''T20 තරගයකින් ඉවර කරන්න තිබුණ මැච් එක දැන් වන්ඩේ එකක්''

වර්ජනයට එක්වෙන වෘත්තීය සමිති එක වේදිකාවකට - ''T20 තරගයකින් ඉවර කරන්න තිබුණ මැච් එක දැන් වන්ඩේ එකක්''

පුවත් කෙටියෙන් - 2026.11.29 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.11.29 | Ada Derana

''එදා බෝඩ් අල්ලගෙන එළියට බැහැපු අය අද මැතිඇමතිවරු'' | Ada Derana

''එදා බෝඩ් අල්ලගෙන එළියට බැහැපු අය අද මැතිඇමතිවරු'' | Ada Derana

වනඅලි නිසා බැටකන මිනිසුන්ගේ දුක අහන්න ගමින් ගමට ගිය සජිත්ට හතර වටෙන් කියපු දුක් | Ada Derana

වනඅලි නිසා බැටකන මිනිසුන්ගේ දුක අහන්න ගමින් ගමට ගිය සජිත්ට හතර වටෙන් කියපු දුක් | Ada Derana

හෙට ෂෙඩ්වල කළු කොඩි එසවෙයි | ඇමති එක්ක සාකච්ඡාවෙන් පසු ඉදිරි තීරණය...

හෙට ෂෙඩ්වල කළු කොඩි එසවෙයි | ඇමති එක්ක සාකච්ඡාවෙන් පසු ඉදිරි තීරණය...

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී නිරාවරණය කරයි | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය