
'දිට්වා' සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් හානි සිදුව අකර්මණ්‍ය වූ ගැටඹේ ජල තුළුමුව හා පොම්පාගාරය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනතා අයිතියට පත් කළේය.
රුපියල් මිලියන 350කට අධික මහනුවර මහ නගර සභා අරමුදල් යොදා ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතු සිදුකර ඇත.
ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා සහ අවදානම් තත්ත්වයන්ට වඩාත් සාර්ථකව මුහුණ දිය හැකි වන පරිදි මෙම ජල පද්ධතිය වැඩිදියුණු කර තිබේ. මේ තුළින් මහනුවර ප්‍රදේශයේ ජනතාවට අඛණ්ඩ ජල සැපයුම් සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇත.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදු කර තිබීම ද විශේෂත්වයකි.























































