
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන නායක අබ්දුල් සමාද් සමත්වූ අතර, ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
කටාර් රාජ්‍යයේ දෝහා හිදී පැවැත්වෙන මෙම තරගය අද (29) මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
රටවල් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී දෙපිලම විශිෂ්ට දස්කම් දක්වමින් අවසන් සටනට එක්ව සිටී.
A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර, B කාණ්ඩය නියෝජනය කළ පාකිස්තානය ද මූලික වටයේ සියලු තරග ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසි අතර, පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශය පරාජය කරමිනි.
ඒ අනුව මෙවර තරගාවලියේ මේ දක්වා පැවති කිසිදු තරගයක් පරාජයට පත් නොවූ කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය, අපරාජිතයින්ගේ තියුණු සටනක් වනු ඇත.
පාකිස්තාන A කණ්ඩායම
1 ෂමිල් හුසේන්, 2 මාස් සදකාත්, 3 ෂාසායිබ් ඛාන්, 4 රොහයිල් නසීර් (කඩුලු රකින්නා), 5 හසන් නවාස්, 6 ෆර්හාන් යූසුෆ්,7 අබ්දුල් සමාද් (නායක), 8 මොහොමඩ් ඉම්රාන් රන්ධවා, 9 අහමඩ් දනියාල්, 10 සුෆියාන් මොකිම්, 11 අලි රාසා
ශ්‍රී ලංකා A කණ්ඩායම
1 ලසිත් කෲස්පුල්ලේ, 2 සිනෙත් ජයවර්ධන, 3 නිශාන් මධුෂ්ක (කඩුලු රකින්නා), 4 පවන් රත්නායක (නායක), 5 නිපුන් ධනංජය, 6 ජනිත් ලියනගේ, 7 රවිඳු ප්‍රනාන්දු, 8 වනුජ සහන්, 9 විජයකාන්ත් වියස්කාන්ත්, 10 ළහිරු සමරකෝන්, 11 ගරුක සංකේත්



















































