
මධ්‍යම අමෙරිකාවේ, හොන්ඩුරාස්හි බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 28දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පුද්ගලයින් අතර බස් රථයේ රියදුරු, කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටින බව වාර්තා වේ.
හොන්ඩුරාස්හි අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මෙම බස් රථය මීටර් 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.



















































