
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශය වෙත පුහුණුකර, රාජකාරී සඳහා අනියුක්ත කිරීමට නෙදර්ලන්තයේ සිට සුනඛයන් 40 දෙනෙකු අද (29) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
මෙසේ දිවයිනට රැගෙනවිත් ඇත්තේ වයස අවුරුද්දක සීමාවේ පසුවන 'German Shepherd', 'Labrador', 'Belgian Malinois'සහ 'Beagle' යන වර්ගවල සුනඛයන්ය.
මෙම සුනඛයන් ඉදිරියේදී පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාව සහ හඳුනාගැනීම, මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම මෙන්ම මෙරට සිදුවන විවිධ අපරාධ පිළිබඳ ඉව ඔස්සේ විමර්ශනය කිරීම වැනි විශේෂිත පුහුණු කිරීම්වලට යොමු කිරීමට නියමිතය.
දීර්ඝ කාලයකට පසුව පොලිස් දෙපාර්තමේන්තුව සඳහා 'Beagle' වර්ගයේ සුනඛයන් මෙරටට රැගෙන ඒම විශේෂත්වයක්ය.
එම සුනඛයන් ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරී සඳහා පුහුණු කිරීමට සැලසුම් කර ඇත.



















































