
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ හෙට (30) දින සුපුරුදු පරිදි නියමිත වේලාවන් තුළ ධාවනය කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.
එහි සභාපති සජීව නන්දන කනකරත්න මහතා පැවසුවේ නියමිත ගමන් වේලාවන් තුළ නියමිත පරිදි බස් රථ ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවය.
හෙට දිනයේදී සේවාවන් සැපයීම සඳහා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයින් සහ නිලධාරීන් සහභාගී වන බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව මගීන්ට කිසිදු බාධාවකින් තොරව සිය ගමන් පහසුකම් සැපයීමට කටයුතු සූදානම් කර ඇති බවද පැවසූ සභාපතිවරයා මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සිදුකරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
හෙට දිනයේදී රාජ්‍ය ආයතන රැසක් අයවැයට විරෝධය දක්වමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව රාජ්‍ය ආයතන රැසක සේවාවන් වෙත බලපෑම් එල්ලවනු ඇති බවද අදාළ වෘත්තිය සමිති නියෝජිතයින් සඳහන් කළේය.
එවන් පසුබිමක ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් මගීන්ට අවශ්‍ය සේවාවන් නිරන්තර සැපයීම සඳහා මණ්ඩලයේ සියලු සේවකයින් සහ නිලධාරීන් හෙට දිනයේදී කටයුතු කරන බවය.



















































