
එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට තවත් ගුවන් සමාගම් දෙකක් ශ්රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ප්රංශයේ ෆෙරෙන්ජ් බී සහ රුසියානේ එස් සෙවන් මෙලෙස ශ්රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ෆෙරෙන්ජ් බී ගුවන් සේවය ලබන දෙසැම්බර් 19 වනදා සිට කටුනායක බන්ඩාරනායක ගුවන්තොටුපොල වෙත සතියකට දෙවරක් ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
රුසියාවේ එස් සෙවන් ගුවන් සමාගම සර්බියාවේ සිට කොළඹ දක්වා සතියකට දෙවරක් සෘජු ගුවන් ගමන් ලබන දෙසැම්බර් 20 සිට ආරම්භ කිරීමට නියමිතයි.
මෙම ගුවන් සේවා හඳුන්වාදීමත් සමඟ රුසියාවෙන් සහ යුරෝපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් ඉහළ යනු ඇති බවද සඳහන් වෙයි.



















































